Flickr Images



පිපි හිනැහෙන සමන් මලෙක 
සුවඳ දරා දෝතින් නුඹ 
මුවගෙහි කිරි සුවඳ හොවා 
සිනහ සලන පුතුනේ....

දෝතින් ගෙන මල් වට්ටිය 
හැඳ පිරුවට හෙමින් සැරේ.
බුදුන් දකින්නට බුදුගෙට 
යන පොඩි පුතුනේ.....

කාලය ගෙවිලා මතුදින 
නුඹ ලොකු මිනිසෙකු වනදා 
යහගුණ දම් පුරන සිතින් 
මලක් පුදනු පුතුනේ.......

0 comments:

අරුත සොයන ගීතය..



මද පවනට  මුසුව ආ - මිහිරි ගීතයකි අමා
සවනත සිප ගෙන හෙමිහිට නාද නගනවා...

පද එකිනෙක  ගැළපෙනා - ස්වර රටා ද මුසු වෙනා
ජීවිතයයේ රිද්මය එහි ඇතැයි සිතෙනවා...  

සිත සනහන වදන් පෙළක - ගැඹුර සොයා වෙහෙසෙන සිත
ඒ ගියෙහි අරුත කිමද තවම සොයනවා...


0 comments: