Flickr Images

එකම වදනක්-එක් වරක් නොව......



නේක විසිතුරු ලෝකෙක,
පාට-පාට සිහිනෙක කෙළවර,
කවුරුදෝ මිමිණුවා හෙමිහිට,
එකම වදනක්-එක් වරක් නොව......

ජීවිතේ සොඳුරු-තම ඉසව්වෙක,
සැදෑ-යාමෙක  එක් පැහැබර,
සිතට අවනත නොවන හීනියට,
එකම වදනක්-එක් වරක් නොව.......

සිතිවිලි නිම්නයේ අන්තෙක,
වදනෙකි ඔබ නොදුටු හැඟුම්බර,
යා වෙනා හද-වතේ රිද්මෙට,
එකම වදනක්-එක් වරක් නොව......

කුරුටු ගෑ මෙහි පද පෙළක,
රහසේ ලියූ සිති-විලි නිමිතෙර
සැඟවිලා ඇත නුඹෙ නමට,
එකම වදනක්-එක් වරක් නොව......

0 comments: