Flickr Images


විසිරෙනා සිතිවිලි හදේ 
යා වෙන්නේ නෑ පෙරදා වගේ 
මතකයේ මං පෙත් දිගේ 
පාවෙනු බෑ..... සිතිවිලි සක්මනේ 
නෙත  කඳුලින් තෙමනු බෑ දැන් 
කඳුළට සමූ දෙන්න කාලය  ඇවිත් 
යළි හෙට දිනේ  හමු වේ නම්.... 
හිනැහෙන්න පෙරදා වගේ 
නුඹ හිනැහෙන්... පෙරදා වගේ.....

0 comments:

පියනඟන මාවතේ
කඳු ශිඛර, ගිරි දුර්ග
හමු වේවි.. නැඟෙණියේ      
එපා පසු බසින්නට......

පැතුම් පොදි  සිත් දරා
යහ  ගුණය පතුරලා  
දිනා ගනු හෙට දවස
බුද්ධියම ගෙන පෙරට.....

සිනා කැන් මුව හොවා
හෙමි හෙමින් පා තබා
නොසැලෙනා අදිටනින්.
සොයා යනු  ජීවිතය ...... 

0 comments:



පිපි හිනැහෙන සමන් මලෙක 
සුවඳ දරා දෝතින් නුඹ 
මුවගෙහි කිරි සුවඳ හොවා 
සිනහ සලන පුතුනේ....

දෝතින් ගෙන මල් වට්ටිය 
හැඳ පිරුවට හෙමින් සැරේ.
බුදුන් දකින්නට බුදුගෙට 
යන පොඩි පුතුනේ.....

කාලය ගෙවිලා මතුදින 
නුඹ ලොකු මිනිසෙකු වනදා 
යහගුණ දම් පුරන සිතින් 
මලක් පුදනු පුතුනේ.......

0 comments:

අරුත සොයන ගීතය..



මද පවනට  මුසුව ආ - මිහිරි ගීතයකි අමා
සවනත සිප ගෙන හෙමිහිට නාද නගනවා...

පද එකිනෙක  ගැළපෙනා - ස්වර රටා ද මුසු වෙනා
ජීවිතයයේ රිද්මය එහි ඇතැයි සිතෙනවා...  

සිත සනහන වදන් පෙළක - ගැඹුර සොයා වෙහෙසෙන සිත
ඒ ගියෙහි අරුත කිමද තවම සොයනවා...


0 comments: