Flickr Images

සංගීතය
















විඩාබර හදවතට
සිසිලසක් ගෙනෙන්නට
ජීවිත ගීතයෙහි
මුළු තනුව වයන්නට
දිවි ගමනෙ නිරතුරුව
තනිකම මකන්නට
සංගීතය යාවේය
හදවතේ රිද්මයට……







0 comments:

අනන්තය





අනන්තය කොහේදැයි 
සබඳ නුඹ දන්නවද...
තටු ලැබුනොතින් ඔන්න 
පියාඹා සොයනව ද...
අනන්තය සිසාරා 
හඩ නැඟූ කතාවට
කන් යොමා ඇසූවකු 
මේ ලොවේ සිටිනව ද...

0 comments:

හිතුවක්කාර සිතුවිල්ලක්...
















පොත් අතරෙ රැඳුණු 
මගේ...මේ නෙතු අඟට 
කඳුළු බිඳු දෙකක් විත් 
වැටෙන්නට ළඟයි දැන්
ඇයි කියලා දන්නව ද?
ඇහුවට කියන් නෑ......
දන්නවා..නේ ද මං
හිතුවක්කාර බව........

0 comments:

එකම වදනක්-එක් වරක් නොව......



නේක විසිතුරු ලෝකෙක,
පාට-පාට සිහිනෙක කෙළවර,
කවුරුදෝ මිමිණුවා හෙමිහිට,
එකම වදනක්-එක් වරක් නොව......

ජීවිතේ සොඳුරු-තම ඉසව්වෙක,
සැදෑ-යාමෙක  එක් පැහැබර,
සිතට අවනත නොවන හීනියට,
එකම වදනක්-එක් වරක් නොව.......

සිතිවිලි නිම්නයේ අන්තෙක,
වදනෙකි ඔබ නොදුටු හැඟුම්බර,
යා වෙනා හද-වතේ රිද්මෙට,
එකම වදනක්-එක් වරක් නොව......

කුරුටු ගෑ මෙහි පද පෙළක,
රහසේ ලියූ සිති-විලි නිමිතෙර
සැඟවිලා ඇත නුඹෙ නමට,
එකම වදනක්-එක් වරක් නොව......

0 comments: