නේක විසිතුරු ලෝකෙක,
පාට-පාට සිහිනෙක කෙළවර,
කවුරුදෝ මිමිණුවා හෙමිහිට,
එකම වදනක්-එක් වරක් නොව......
ජීවිතේ සොඳුරු-තම ඉසව්වෙක,
සැදෑ-යාමෙක එක් පැහැබර,
සිතට අවනත නොවන හීනියට,
එකම වදනක්-එක් වරක් නොව.......
සිතිවිලි නිම්නයේ අන්තෙක,
වදනෙකි ඔබ නොදුටු හැඟුම්බර,
යා වෙනා හද-වතේ රිද්මෙට,
එකම වදනක්-එක් වරක් නොව......
කුරුටු ගෑ මෙහි පද පෙළක,
රහසේ ලියූ සිති-විලි නිමිතෙර
සැඟවිලා ඇත නුඹෙ නමට,
එකම වදනක්-එක් වරක් නොව......
0 comments: