Flickr Images


සිත් අහසේ ගුලි වෙච්ච
නොමියෙනා  පෙම්  සිහින
මිහිර දේ කවි සිතක
අඳරු රැය පුරාවට-.......

තරු පවා නැති අහසේ
සඳ නුඹද සැඟවී ද 
            අඳුර පමණක්ම අද
            ඉතිරි කර හද ගැබට.......

ආදරෙයි සඳ නුඹට 
වලාකුලු නැති රැයට
පාවෙලා  ඈතකට
යා නොහැකි හීනියට......   


විසිරෙනා සිතිවිලි හදේ 
යා වෙන්නේ නෑ පෙරදා වගේ 
මතකයේ මං පෙත් දිගේ 
පාවෙනු බෑ..... සිතිවිලි සක්මනේ 
නෙත  කඳුලින් තෙමනු බෑ දැන් 
කඳුළට සමූ දෙන්න කාලය  ඇවිත් 
යළි හෙට දිනේ  හමු වේ නම්.... 
හිනැහෙන්න පෙරදා වගේ 
නුඹ හිනැහෙන්... පෙරදා වගේ.....
පියනඟන මාවතේ
කඳු ශිඛර, ගිරි දුර්ග
හමු වේවි.. නැඟෙණියේ      
එපා පසු බසින්නට......

පැතුම් පොදි  සිත් දරා
යහ  ගුණය පතුරලා  
දිනා ගනු හෙට දවස
බුද්ධියම ගෙන පෙරට.....

සිනා කැන් මුව හොවා
හෙමි හෙමින් පා තබා
නොසැලෙනා අදිටනින්.
සොයා යනු  ජීවිතය ...... 


පිපි හිනැහෙන සමන් මලෙක 
සුවඳ දරා දෝතින් නුඹ 
මුවගෙහි කිරි සුවඳ හොවා 
සිනහ සලන පුතුනේ....

දෝතින් ගෙන මල් වට්ටිය 
හැඳ පිරුවට හෙමින් සැරේ.
බුදුන් දකින්නට බුදුගෙට 
යන පොඩි පුතුනේ.....

කාලය ගෙවිලා මතුදින 
නුඹ ලොකු මිනිසෙකු වනදා 
යහගුණ දම් පුරන සිතින් 
මලක් පුදනු පුතුනේ.......

අරුත සොයන ගීතය..



මද පවනට  මුසුව ආ - මිහිරි ගීතයකි අමා
සවනත සිප ගෙන හෙමිහිට නාද නගනවා...

පද එකිනෙක  ගැළපෙනා - ස්වර රටා ද මුසු වෙනා
ජීවිතයයේ රිද්මය එහි ඇතැයි සිතෙනවා...  

සිත සනහන වදන් පෙළක - ගැඹුර සොයා වෙහෙසෙන සිත
ඒ ගියෙහි අරුත කිමද තවම සොයනවා...


සංගීතය
















විඩාබර හදවතට
සිසිලසක් ගෙනෙන්නට
ජීවිත ගීතයෙහි
මුළු තනුව වයන්නට
දිවි ගමනෙ නිරතුරුව
තනිකම මකන්නට
සංගීතය යාවේය
හදවතේ රිද්මයට……







අනන්තය





අනන්තය කොහේදැයි 
සබඳ නුඹ දන්නවද...
තටු ලැබුනොතින් ඔන්න 
පියාඹා සොයනව ද...
අනන්තය සිසාරා 
හඩ නැඟූ කතාවට
කන් යොමා ඇසූවකු 
මේ ලොවේ සිටිනව ද...